Tuesday, April 24, 2012

IPL හා t20 ලෝක කුසලානය




අයි. පී. එල්. නිසාම ඉන්දියාවට හොඳ දෙවන පෙලක් හැදී ඇත. ලඟ එන විස්සයි විස්ස ලෝක කුසලානය කෙරෙහි ඉන්දියාව දැනටමත් ඇස යොමුකරගෙන සිටිනවා නොඅනුමානය. ඉන්දියාවට ඇති එකම ප්‍රශ්නය නම් පන්දු යැවීමේ බල ඇණියේ ඇති අඩුපාඩුවයි. නමුත් පන්දු යවන්නන් කෙතරම් ලකුණු ප්‍රමානයක් ලබා දුන්නද එය හඹායෑමට ප්‍රබල පිතිකරුවන් රැසක් ඉන්දියාවට සිටී.

අයි.පී.එල්. තරගාවලිය නිසා කොදෙව් පිලේ, දකුණු අප්‍රිකාවේ, ඕස්ට්‍රේලියාවේ මෙන්ම එංගලන්තයේද ක්‍රීඩකයන්ගේ පිබිදීමක් දක්නට ලැබේ. එම නිසා ඔවුන්ගෙන් ලෝක කුසලානයේදී ප්‍රබල තරගයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කල හැක.
අපට අනෙක් රටවල් කෙසේ ක්‍රීඩා කලත් ඉන් පලක් නැත. වැදගත් අපේ ක්‍රීඩකයන්ය. මෙතෙක් ඔවුන්ගෙන් අයි.පී.එල් වල හරි හැටි දස්කමක් දැකගැනීමට ලැබුනේ නැත. එය කෙසේ වෙතත් ලෝක කුසලානයේ හොඳින් ක්‍රීඩාකර එය ජය ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
නමුත් අපේ කට්ටිය මොනවා කරගනී දැයි කාටත් කිව නොහැකිය. පිතිකරුවන්ගෙන් වැදගත් යමක් ඉටුවුවහොත් බලාපොරොත්තු යම්තාක් දුරට ඉදිරියට යනු ඇත.
ස්ථීර දඟ පන්දු යවන්නෙක් නොමැතිකම තවත් අඩුපාඩුවකි. ලොකු හයේ පාරවල් එල්ල කල හැකි පිතිකරුවන් අඩුවීමද තවත් ගැටලුවකි. මේවා විසඳෙන තුරු දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටිමු.

2 comments:

  1. පිතිකරුවො ශක්තිමත් නම් හරි..
    අජන්ත මෙන්ඩිස් t20 ශ්‍රෙණිගතකිරීම් වල 2දෙවෙනියා

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මෙන්ඩිස්ට ඉන්දියාවෙ පකිස්තානෙ උන් එලව එලව ගහනවා.

      Delete