Friday, May 25, 2012

චෙන්නායි සුපර් කින්ග්ස්ලා අදත් දින්නොත්........



අනේ අපොයි කියන්න තමයි වෙන්නෙ. මීට කලින් තුන් වතාවක් සුපර් කින්ග්ස්ලා අවසන් මහා තරගෙට සුදුසුකම් ලබලා තියෙනවා.

2008 තිබ්බ පලවෙනි අයි.පී.එල් තරගාවලියෙදි අවසාන මහා තරගයට සුදුසුකම් ලබලා රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම හමුවේ පරාජය වුනා. ලකුණු පුවරුව මෙතනින් බලන්න.

2010 තිබ්බ තුන්වෙනි තරගාවලියෙදි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරලා ශූරයෝ වුනා.ලකුණු පුවරුව මෙතනින් බලන්න.

2011 තිබ්බ හතරවෙනි තරගාවලියෙදිත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජය කරලා ශූරයෝ වුනා.ලකුණු පුවරුව මෙතනින් බලන්න.

මේ පාරත් ඒ වගෙ වෙයිද?

Tuesday, April 24, 2012

IPL හා t20 ලෝක කුසලානය




අයි. පී. එල්. නිසාම ඉන්දියාවට හොඳ දෙවන පෙලක් හැදී ඇත. ලඟ එන විස්සයි විස්ස ලෝක කුසලානය කෙරෙහි ඉන්දියාව දැනටමත් ඇස යොමුකරගෙන සිටිනවා නොඅනුමානය. ඉන්දියාවට ඇති එකම ප්‍රශ්නය නම් පන්දු යැවීමේ බල ඇණියේ ඇති අඩුපාඩුවයි. නමුත් පන්දු යවන්නන් කෙතරම් ලකුණු ප්‍රමානයක් ලබා දුන්නද එය හඹායෑමට ප්‍රබල පිතිකරුවන් රැසක් ඉන්දියාවට සිටී.

අයි.පී.එල්. තරගාවලිය නිසා කොදෙව් පිලේ, දකුණු අප්‍රිකාවේ, ඕස්ට්‍රේලියාවේ මෙන්ම එංගලන්තයේද ක්‍රීඩකයන්ගේ පිබිදීමක් දක්නට ලැබේ. එම නිසා ඔවුන්ගෙන් ලෝක කුසලානයේදී ප්‍රබල තරගයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කල හැක.
අපට අනෙක් රටවල් කෙසේ ක්‍රීඩා කලත් ඉන් පලක් නැත. වැදගත් අපේ ක්‍රීඩකයන්ය. මෙතෙක් ඔවුන්ගෙන් අයි.පී.එල් වල හරි හැටි දස්කමක් දැකගැනීමට ලැබුනේ නැත. එය කෙසේ වෙතත් ලෝක කුසලානයේ හොඳින් ක්‍රීඩාකර එය ජය ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
නමුත් අපේ කට්ටිය මොනවා කරගනී දැයි කාටත් කිව නොහැකිය. පිතිකරුවන්ගෙන් වැදගත් යමක් ඉටුවුවහොත් බලාපොරොත්තු යම්තාක් දුරට ඉදිරියට යනු ඇත.
ස්ථීර දඟ පන්දු යවන්නෙක් නොමැතිකම තවත් අඩුපාඩුවකි. ලොකු හයේ පාරවල් එල්ල කල හැකි පිතිකරුවන් අඩුවීමද තවත් ගැටලුවකි. මේවා විසඳෙන තුරු දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටිමු.

Sunday, March 18, 2012

වසර පහකට පසු කොදෙව්වෝ කැන්ගරුවන්ට කොකා පෙන්වති





වසර පහක් තිස්සේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට හීනයක් වෙලා තිබුනෙ කැන්ගරුවන්ව පරද්දන එක. ඒක කොහොමත් අමාරු වැඩක්. පලවෙනි තරගෙදි ට්‍රයි එකක් දුන්නත් අන්තිමේදි ඒ හීනෙ බොඳ වෙලා ගියා.
කොදෙව්වො වැඩේ අතෑරියෙ නෑ. ඔන්න මේ පාර වැඩේ ගොඩදාගෙන.සුනිල් නරේන්ට තරගයේ වීරයා සම්මානෙ හම්බ වෙලා තියෙන්නෙ. කඩුලු හතරක් දවාගන්න ඔහු සමත්වෙලා තියෙනවා.
පොලාර්ඩ් ඇතුලු පිතිකරුවන්ගෙනුත් හොඳ සහයෝගයක් ලැබිල තියෙනවා.
20 තියෙන ඊලඟ තරගෙ දිනල 2-1 ක් විදියට ඉස්සරහට යන්න තමයි දෙගොල්ලම ට්‍රයි එක දෙන්නෙ.

ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කලහ.


Virat Kohli celebrates his century



විරාට් කෝලිගේ සුපිරි පිතිහරඹය නිසාම පාකිස්තානයේ ලකුණු 330ක අසීරු ඉලක්කය පහසුවෙන් ජයගැනීමට ඉන්දියානුවන් සමත්විය.
මේ සමගම ශ්‍රීලංකාව තරඟාවලියෙන් සම්පූර්ණයෙන්ම ඉවත්විය. මීලඟ තරගයෙන් බංගලාදේශය ශ්‍රීලංකාව පරාජය කලහොත් ඔවුන්ට පාකිස්තානය සමඟ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට හැකියාව ලැබේ.

ප.ලි. : බංගලාදේශෙ ගහන හැටියට අපට නොගැහුවොත් තමයි පුදුමෙ.

Friday, March 16, 2012

සීයක් ගැහුවොත් පරාදයි.......




ලොක්කන් සිටියෙ සුරතට අසිපතක් අරන්
ගැලවුනි අහෝ සෙන්චරියක් තුරුලු කරන්
තියෙනා තරහ සඟවන්නේ නැතුව කියන්
මං ගැහුවොතින් පරදින්නේ ඇයිද බොලන්